ගංවතුරින් විපතට පත් ජනතාවට සහන දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සහ කළුතර, ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරුන් අතර මූලික සාකච්ඡාවක් පැවැත්වුණු බව ය.
ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීමට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මුදල් වෙන් කර ඇති බව එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සහනාධාර ලබා දීමට පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ ය.

