අංගම් සටන් ශිල්පයට වටිනාකමක්

දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
ක්‍රීඩාවේ ඉදිරි ගමන් මග හා ක්‍රීඩා ආර්ථිකයට දායක විය හැකි ක්‍රීඩාවන් හඳුනාගැනීම සඳහා පසුගිය දා අමාත්‍යාංශයේ නිළධාරීන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුර දී අමාත්‍යවරයා මේ බව කියා තිබෙනවා.
ඒ සදහා පහත ක්‍රියාමාර්ග ඔස්සේ අංගම් සටන් ශිල්පය ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
අංගම් සටන් කලාවට අදාළ පසුබිම, ඉතිහාසය ආදී තොරතුරු පිළිබඳ පර්යේෂණ පැවැත්වීම, පර්යේෂණ පරිසංවාද සංවිධානය කිරීම හා එම තොරතුරු මුද්‍රිත හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කිරීම, දැනට අංගම් සටන් කලාවේ යෙදෙන ශිල්පීන් සඳහා අවශ්‍ය වන පහසුකම් සැපයීම, සංචාරක ක්ෂේත්රය ඉලක්ක කර සංචාරක ආකර්ෂණය ඇතිවන පරිදි අදාළ සියළු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් සංදර්ශනාත්මක ප්‍රසංග සංවිධානය කිරීම, ශාරීරික අධ්‍යාපන විෂයය තුළට මෙම අංගම් සටන් කලාවේ සුදුසු කොටස් එක්කිරීම සඳහා අදාළ ආයතන සමඟ එක්ව කටයුතු කිරීම හා එමඟින් ඉදිරි පරම්පරාව ජවසම්පන්න කිරීම යන කරුණු මූලික අදියරේදී ක්රීයාත්මක කිරීමට නියමිතයි.

