ලංකාව අතහැර යන පිරිස වැඩි වෙයි

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා තිබෙන අතිශය අවධානම් ආර්ථික සහ දේශපාලන අර්බුදය හමුවේ මෙරට ජනතාව රටහැර යාමේ තත්ත්වය වේගයෙන් ඉහළ යමින් ඇති බව වාර්තා වේ.
මහ වැසි මධ්‍යයේ වුවද බොහෝ පිරිසක් පසුගිය දින කිහිපයේ සිට විදේශ සේවා නියුක්ති කාර්යංශය අසලත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල මෙන්ම රටපුරා විදේශ රැකියා නියෝජිත ආයතන අසලත් ජනතාව ඒකරාශී වී සිටිනවා.
අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළුව මෙරට ජනතාවගේ එදිනෙදා අවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ජනතාවට දරාගත නොහැකි ආකාරයට වේගයෙන් ඉහළ යමින් ඇති අතර ඉන්ධන, ගෑස් වෙනුවෙන් දින ගණන් මහ මඟ කාලය ගෙවා දැමීමට ජනතාවට සිදුව තිබේ.
ඔවුන් බොහෝ දෙනා කියා සිටියේ මෙවැනි තත්ත්වයක් උඩ රට යනවා හැර වෙන විකල්පයක් නොමැති බවයි.

