මන්ත්‍රී පුතා සහ ඔහුගේ බිරිඳ පොලීසියට හයිය පෙන්වයි

මන්ත්‍රී පුතා සහ ඔහුගේ බිරිඳ පොලීසියට හයිය පෙන්වයි

අධිවේගී මාර්ගයේ නීතිවිරෝධී අයුරින් ගමන් කළ පුද්ගලයකු හා ඔහු සමඟ සිටි තවත් කාන්තාවක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් හා ගැටුමක් ඇති කරගන්නා ආකාරය අඩංගු වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා පැතිර යයි.

ආරංචි මාර්ග පවසන පරිදි මෙම පුද්ගලයා සමගි ජනබලවේගයේ හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී දිල්පි වෙදආරච්චිගේ පුත්‍රයායි.

මන්ත්‍රී පුත්‍රයා පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් තමා හා සිටින කාන්තාව සමඟ පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැනවදින ආකාරය මෙම වීඩියෝව පුරා දක්නට ලැබේ.