බෙංගාලි ටයිගර් මහජන ප්‍රදර්ශනයට – නම් තබන්නත් අවස්ථාවක්

බෙංගාලි ටයිගර් මහජන ප්‍රදර්ශනයට – නම් තබන්නත් අවස්ථාවක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ බෙංගාලි ටයිගර් වර්ගයේ කොටි පැටවුන් තුන්දෙනා මහජන ප්‍රදර්ශනය සඳහා කූඩුවකට යොමු කර තිබෙනවා.

ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පැමිණෙන සංචාරකයින්ට අද සිට එම කොටි පැටවුන් දැක බලා ගත හැකියි.

එමෙන්ම මෙම නව පැටවුන් තුන් දෙනාට නම් යෝජනා කිරීම සඳහාද ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ නම් එය යෝජනා කරන්නාගේ විස්තරද ඇතුලත්ව ලබන 10 වනදාට පෙර දෙහිවල සත්වෝද්‍යානයට පැමිණ භාර දිය හැකි බවයි.

එසේ නොමැතිනම් සත්වෝද්‍යානයේ වෙබ් අඩවිය හෝ විද්‍යුත් තැපෑල භාවිතා කරමින් අදාළ නම් යෝජනා කිරීමට අවස්ථාව පවතිනවා.

මෙම බෙංගාල් ටයිගර් වර්ගය ප්‍රථම වරට දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන එනු ලැබූවේ 2009 වසරේදීයි.

ඒ එවකට චීනය සමග පැවති සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ ඇති කර ගත් එකඟතාවකට අනුව යි.

COMMENTS