අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි සංදේශ බද්ද ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව මෙතෙක් සියයට 11.25 ක්ව පැවති එම බද්ද සියයට 15 දක්වා ඉහළ දමා ඇති බවයි විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව ප්‍රකාශ කළේ.
පසුගිය 1 වන දා සිට වැට් බද්ද ද සියයට අටේ සිට සියයට 12 දක්වා ඉහළ දැමුණා.

