එක්නැලිගොඩ අතුරුදන් සිද්ධියට ඇප මත සිටි සැකකාර හමුදා සාමාජිකයින් 9ක් රිමාන්ඩ්

එක්නැලිගොඩ අතුරුදන් සිද්ධියට ඇප මත සිටි සැකකාර හමුදා සාමාජිකයින් 9ක් රිමාන්ඩ්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කරමින් ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙකු සාක්ෂිකරුවන්ට බලපෑම් කළැයි කියන සැකය මත ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේ ය.

ඒ, අද දින අධිකරණයේ සාක්ෂි ලබා දුන් හිටපු එල්ටීටීඊ බුද්ධි අංශ සාමාජික තිරුකුමාර් යන අය සාක්ෂි ලබා දීමේදී ඇති වූ පරස්පරතාව සලකා බැලීමෙන් අනතුරුවය.

COMMENTS