ඉදිකිරීම් ප්‍රමාදයි බව පවසමින් ජපන් රජයට පැමිණිල්ලක්

වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් කටුනායක ගුවන් තොටුපළේ ඉදිකිරීම් ප්‍රමාදය සම්බන්ධයෙන් එම ඉදිකිරීම් භාරව සිටින අදාළ සමාගම් වෙත සිය අප්‍රසාදය පළකර ඇත.
අමාත්‍යවරයා අදාළ ඉදිකිරීම් සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ ඉදිකිරීම් සමාගම් තෝරාගනු ලැබුවේ ජපන් රජය බවත් එම නිසා ඒ පිළිබඳව ජපන් රජයට පැමිණිලි කරන බවත් ය .
මීට වසර අටකට පෙර අත්සන් තැබුණු ගිවිසුමට අනුව මේ වන විට මෙම පර්යන්තයන් ඉදිකිරීම් අවසන් මට්ටමට පැමිණිය යුතු වුවත් එය සාධනීය මට්ටමකට ළඟා වී නොමැත.
පවතින මගී පර්යන්තයේ පවතින දැඩි තදබදයට විසඳුම් ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවැනි මගී පර්යන්තයක් සහ ගුවන් යානා මෙහෙයුම් පද්ධතියක් ඉදිකිරීම ආරම්භ කරන ලදී.

