සඳුදා සිට නව පාසල් වාරය ඇරඹෙයි

සඳුදා සිට නව පාසල් වාරය ඇරඹෙයි

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර ජුනි 06 වන සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පළමු පාසල් වාරයට නියමිත දෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු සඳහා දිවයිනේ සියලුම පාසල් ජුනි මස 06 වැනිදා එනම් සඳුදා දිනයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

එහිදී රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් එදින විවෘත කෙරෙනු ඇති.