නුවරඑළියේ කොස් ගස් කැපීම තහනම් කෙරේ

නුවරඑළියේ කොස් ගස් කැපීම තහනම් කෙරේ

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ කොස් ගස් කැපීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ තීරණය කර තිබෙනවා.

ඒ අනුව මින් අනතුරුව බලපත්‍රයක් ලබා ගෙන හෝ කොස් ගසක් කැපීමට අදාළ දිස්ත්‍රික්කය තුළ අවසර හිමි වන්නේ නෑ.

අදාළ තීරණය ගෙන ඇත්තේ ආර්ථික අර්බුදය හමුවේ රට තුළ මතු වෙමින් පවතින ආහාර හිඟය සැලකිල්ලට ගෙනය.

කෙසේ නමුත් යම් අනතුරක් සිදුවීම වැළැක්වීමට කොස් ගසක් කැපීමට අවශ්‍යනම් ඒ සඳහා පමණක් අවසර ලබා දෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ තවදුරටත් පවසා ඇති බවට වාර්තා වී තිබේ.