රජයේ සේවකයන්ට සිකුරාදා දිනය නිවාඩු දිනයක් කරන්න යෝජනාවක්

රජයේ සේවකයන්ට සිකුරාදා දිනය නිවාඩු දිනයක් කරන්න යෝජනාවක්

සෑම සිකුරාදා දිනයකම රජයේ සේවකයන්ට නිවාඩුවක් ලබාදීම පිළිබඳ ඉදිරියේදී යෝජනාවක් ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කොළඹ අද (05) පැවති උත්සවයකට එක්වෙමින්.

පවතින ඉන්ධන අර්බුදය සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹීම පිළිබඳ අවධානය යොමුකර ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ