පළමු පාසල් වාරයේ 2 වන අදිරය අද සිට – පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුත් අද සිට ඉහළට

පළමු පාසල් වාරයේ 2 වන අදිරය අද සිට – පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුත් අද සිට ඉහළට

දිවයින පුරා පාසල් වල පළමු වාරයේ 2 වන අදියර අද යළි ආරම්භ වෙනවා.

පසුගිය සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ආරම්භ වූ නව පාසල් වාරයේ පළමු අදියර පසුගිය මස 19 වනදා අවසන් කෙරුණේ දිවයින පුරා පාසල් රැසක් සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමත් සමඟයි.

ඒ අනුව අද සිට ආරම්භ වන නව පාසල් වාරයේ නව අදියරේදී අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස සියලු පාසල් වෙත උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

මේ අතර අද (06) නව පාසල් වාරය ඇරඹියද පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් බස් රථ සංඛ්‍යාවක් ධාවනය කිරීමට පවතින ඩීසල් අර්බුදය හමුවේ බාධා එල්ලවී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ දිවයින පුරා 18,000 ක සමස්ථ පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් අද දිනයේ ධාවනය කෙරෙන්නේ බස් රථ 6,000ක් පමණක් බවයි.

කෙසේ වෙතත් පාසල් සිසුන්ගේ ගමනාගමන කටයුතු වලට ගැටලුවක් නොවන පරිදි එම බස් රථ යෙදවීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළා.

මේ අතර ඩීසල් මිල ඉහළ දැමීම නිසා අද (6දා) සිට ප්‍රවාහන ගාස්තු සියයට හතලිහකින් වැඩි කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා ඊයේ (5) අම්බලන්ගොඩ පැවති මාධය හමුවකදී ප්‍රකාශ කර සිටියා.

COMMENTS