කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක් – 50ක් මරුට

කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක් – 50ක් මරුට

නිරිතදිග නයිජීරියාවේ කතෝලික දේවස්ථානයකට ඊයේ (05) රාත්‍රියේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

දිව්‍ය පූජාවක් අතරතුරදී නාඳුනන වෙඩික්කරුවන් විසින් දේවස්ථානයට කඩා වැදී එහි සිටි බැතිමතුන් හට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

එම වෙඩි ප්‍රහාරයෙන් එහි සිටි කාන්තාවන් සහ ළමුන් ඇතුළු 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

https://bbc.in/3aIO0B9