එරෝෆ්ලොට් ගුවන් යානය ගැන නීතිපතිගෙන් අධිකරණයට පෙත්සමක්

එරෝෆ්ලොට් ගුවන් යානය ගැන නීතිපතිගෙන් අධිකරණයට පෙත්සමක්

අධිකරණ නියෝගයක් මත රඳවා ගැනුණු රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් නීතිපතිවරයා අද (06) අධිකරණයට පෙත්සමක් මගින් කරුණු වාර්තා කිරීමට නියමිතයි.

මගීන් 191 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකු සමඟ මෙම යානය කටුනායක ගුවන් තොටුපලේදී රඳවා ගැනුනේ පසුගිය 2 වනදා සිටයි.

එලෙස යානය තවදුරටත් කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ රඳවා ගැනුණ ද එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ තිස්දෙනා ඊයේ (05) වනවිට මෙරටින් පිටත්ව ගොස් තිබුණා.

උද්ගත වූ තත්වය හමුවේ රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා වාණිජ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද එරෝෆ්ලොට් ගුවන් සමාගම පියවර ගනු ලැබුවා.