දහම් පාසල් ගුරු විභාග නො පැවැත්වීමට තීරණය කෙරේ

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් ජූනි 18 දින පැවැත්වීමට නියමිත ව තිබූ දහම් පාසල් ගුරු සහතික පත්ර විභාගය නො පැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දීමක් සිදු කරනවා.
මේ වන විට දිවයිනේ උද්ගත ව ඇති තත්ත්වය හා ප්රායෝගික ගැටලු හේතුවෙනුයි මෙම විභාගය නියමිත දින පැවැත්වීම අත් හිටුවා ඇත්තේ.
ඉකුත් 30 වැනි දා පැවති ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීමේ දී මේ බව තීරණය වී තිබෙනවා.
ඒ අනුව මෙම විභාගය පැවැත්වෙන දිනය ඉදිරියේ දී සියලු විභාග අපේක්ෂක දහම් පාසල් ගුරු භවතුන්ට දැනුම්වත් කෙරෙනු ඇති.

