එරෝෆ්ලොට් යානයට එරෙහි වාරණය අත්හිටුවයි

රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වා ලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කර තිබේ .
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසම් පිළිබඳව කරු ණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ
මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
අදාළ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම වළක්වා ලමින් පසුගිය 02 වනදා වාරණ
නියෝගයක් නිකුත් කර තිබුණි.
අදාළ වාරණ නියෝ ගය හරහා රාජ්‍යයන් දෙක අතර මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්
නීතිපතිවරයා මෝසමක් මාර්ගයෙන් අද අධිකරණය හමුවේ මෙලෙස කරුණු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබුණි.

