අරගලකරුවන් වගා සංග්‍රාමයක් අරඹයි

අරගලකරුවන් වගා සංග්‍රාමයක් අරඹයි

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට සහ ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් ගෝල්ෆේස් භූමියේ ඇරඹි අරගලයට අදට දින 59ක් වෙනවා.

අද දිනයේත් විශාල පිරිසක් ගෝල්ෆේස් අරගලය සමඟ එක් වී තිබුණා.

මේ අතර ලෝක පරිසර දිනයට සමගාමීව ඉදිරියේදී එළැඹීමට නියමිත ආහාර අර්බුධයට පිළියම් යෝජනා කරමින් ගාලු මුවදොර නිර්පාක්ෂික ජන අරගලකරුවන්ගේ gallface moment නමැති කණ්ඩායම විසින් ඊයේ 5 වනදා එළවළු පැළ දන්සලක් හා සංගීත සැදෑවක් පැවැත්වූ අතර එහිදී විවිධ වර්ගයෙන් යුත් එළවළු පැළ දහස් ගණනක් එහි පැමිණි සිටි ජනතාව අතර බෙදා දී තිබුණා.

මේ සඳහා ජාති ආගම් භේදයකින් තොරව බොහෝ පිරිසක් රැස්ව සිටි අතර සියලු දෙනා ඉතා ඕනෑකමින් ඒ සඳහා දායකත්වය ලබා දී තිබුණා.