මාර්ගය අවහිර කරමින් විරෝධතා කළ අයෙක්ට බරපතල වැඩ සහිත සිර දඬුවමක්

මාර්ගය අවහිර කරමින් විරෝධතා කළ අයෙක්ට බරපතල වැඩ සහිත සිර දඬුවමක්

ඉන්ධන ඉල්ලා මාර්ග අවහිර කරමින් විරෝධතා දැක්වූ පුද්ගලයෙක්ට ඊයේ (06) මාතර ප්‍රධාන අධිකරණය විසින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළා.

ඉකුත් අප්‍රේල් මස 19 වන දින මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ නිල්වලා ගඟ මහානාම පාලම මත මාර්ගය හරස් කරමින් අදාල පුද්ගලයා සහ තවත් පිරිසක් විරෝධතාවයේ නියැලී තිබුණා.

එම විරෝධතාවය අතරතුර දී වරදකරු ඇතුළු පිරිස පොලීසියට අයත් WP ABY 1706 දරණ ත්‍රීරෝද රථයට ද පහර දී හානි කොට තිබුණා.

අදාල පුද්ගලයාට එරෙහිව වසර තුන හමාරක බරපතල වැඩ සහිත සක්‍රීය වූ සිර දඬුවමක් ද රුපියල් 6000ක දඩයක් ද, රුපියල් 50000ක අලාභ ගෙවිමක් ද සහිතව දඬුවම ප්‍රකාශයට කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළා.

අදාල පුද්ගලයාට මෙම දඬුවම නියම කෙරුණේ අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය, රජයේ දේපලවලට පහර දී අනර්ථය සිදුකිරීම යන චෝදනා යටතේයි.