ඇමේසන් වනයේදී මාධ්‍යවේදියෙකු අතුරුදන් වෙයි

ඇමේසන් වනයේදී මාධ්‍යවේදියෙකු අතුරුදන් වෙයි

බ්‍රිතාන්‍ය ජාතික ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ බ්‍රසීලයේ ආදිවාසීන් පිළිබඳ විශේෂඥයෙකු වන ඩොම් ෆිලිප්ස් ඇමේසන් වනාන්තරය තුළදී අතුරුදන් වී තිබේ.

බ්‍රසීලයේ Guardian පුවත්පතේ සම්පත් දායකයෙකු වන 57 හැවිරිදි ෆිලිප්ස් අවසන් වරට දක්නට ලැබී ඇත්තේ, පසුගිය සතියේ ඇමසෝනාස් ප්‍රාන්තයේ ජවාරි ප්‍රදේශයේදී ය.

ඔහු සිය පර්යේෂණ සහයකයෙකු වන බ්‍රසීල රජයේ ආදිවාසී කටයුතු පිළිබඳ ඒජන්සිය වන Funaiහි විශේෂඥ බෲනෝ පෙරෙයිරා සමග එම ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිට ඇත. අදාළ ප්‍රදේශයේ වාසය කරන ආදිවාසී කණ්ඩායමක් පවසා ඇත්තේ, දින කිහිපයකට පෙර ඔවුන් දෙදෙනාට කිසියම් පිරිසක් විසින් තර්ජනය කර තිබූ බව ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රසීලයේ ෆෙඩ්රල් පොලිසිය සහ නාවික හමුදාව එක්ව ඔවුන් සෙවීමේ මෙහෙයුම් දියත් කර ඇති බව ය.

බ්‍රසීල පුවත්පතක් වන O Globo වාර්තා කර ඇති පරිදි මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඩොම් ෆිලිප්ස් ඇමේසන් වනාන්තරය පිළිබඳව ලේඛන රැසක් රචනා කර ඇති අතර වසර 10ක පමණ කාලයක් තිස්සේ ඔහු බ්‍රසීලයේ පදිංචි වී සිටී.

https://bbc.in/3GYNaw7