ඩීසල් සහ පෙට්‍රල් සාමාන්‍ය පරිදි අද වෙළෙඳපලට

ඩීසල් හා පෙට්‍රල් අද සිට සාමාන්‍ය පරිදි වෙළෙඳපලට නිකුත් කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
පසුගිය දින කිහිපයේදී ඩීසල් හා පෙට්‍රල් වෙළෙදපලට නිකුත් කෙරුණේ සීමා සහිතවයි.
ඒ අනුව මේ වන විටත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන හල් ආශ්‍රීතව දැඩි පෝලිම් නිර්මාණය වී තිබෙනවා.
ඉන්දීය ණය ක්‍රමය යටතේ මෙරටට ලගාවන ඉන්ධන නෞකාවක් ලබන 16 වනදා මෙරටට ලගාවීමට නියමිතයි.
ඊට පෙර තවත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට පැමිණෙන අතර ඊට අදාල ගෙවීම් සදහා අවශ්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී ඇති බවයි අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේ.

