අරගලකරුවන්ගෙන් හෙට “ලේ” දන්දීමේ වැඩ සටහනක්

අරගලකරුවන්ගෙන් හෙට “ලේ” දන්දීමේ වැඩ සටහනක්

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට සහ ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් ගෝල්ෆේස් භූමියේ ඇරඹි අරගලයට අදට දින 61ක් වෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව ගාලුමුවදොර අරගලයට තවදුරටත් එක්ව සිටිනවා.

මේ අතර මැයි මස 9 වෙනිදා ගෝල්ෆේස් අරගලකරුවන්ට එල්ලවූ මැර ප්‍රහාරය සිදු වී හෙට(09) දිනට මසක් සපිරීම නිමිත්තෙන් ලේ සහ ඇස් දන්දීමේ වැඩසටහනක් හෙට උදෑසන 9 සිට පස්වරු 3 දක්වා ගෝල්ෆේස් අරගල භූමියේදී පැවැත්වීමට සංවිධානය කොට ඇත.

එමෙන්ම හෙට දිනයේ කොළඹ ප්‍රධාන දුම්රිය පොළ ඉදිරිපටදී විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කොට ඇත, ඒ අත්තනෝමතිකව අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම වහා නවත්වනු, මහින්ද ජොන්ස්ටන් දේශබන්දු ඇතුලු 9 වෙනිදා ප්‍රහාරයේ අපරාධ කරුවන් වහා අතඩංගුවට ගනු ! යන තේමාවන් මුල් කරගෙන විරෝධතාවය පැවතීමට තීරණය කර ඇති බව අරගලකරුවන් කියා සිටියා.

මේ සම්බන්ධව අද දිනයේදී (8)ජනතාව දැනුවත් කරණ අයුරුද අපට දැක ගන්නට ලැබුණා.