හැංගිලා ඉන්න තැනකින් එළියට එන්න ජොනීට කාලයක් දීලා

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හට අභියාචනාධිකරණයෙන් නියෝගයක් සිදුකර තිබෙනවා.
ඒ අද (09) රාත්‍රී 08ට පෙර අධිකරණයට භාරවන ලෙසයි.
මැයි 09 වැනි දින ගාලුමුවදොර සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධියට සම්බන්ධවයි හිටපු අමාත්‍යවරයාව පොලිස් අත් අඩංගුවට ගැනීමට මේ වනවිටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන්නේ.
ඊට අදාළවයි අභියාචනාධිකරණය විසින් අද දිනයේදී මෙම නියෝගය මන්ත්‍රී ජොන්ස්ටන්ට එරෙහිව නිකුත් කරනු ලැබුවේ.
කෙසේවෙතත් එතෙක් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව බලාත්මක නොවනු ඇති.

