ශ්‍රී ලංකා – IMF සාකච්ඡා ඉදිරි සති කිහිපය තුළ

ශ්‍රී ලංකාව සමඟ වන කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ගෙරී රයිස් සඳහන් කළේ යෝජිත මූල්‍ය වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය සාකච්ඡාවකට එහිදී එළැඹීමට හැකි වනු ඇති බවයි.
ශ්‍රී ලංකාව සමග පසුගිය මාසයේදී පවත්වන ලද තාක්ෂණික සාකච්ඡා මත පදනම්ව මෙම ඉදිරි සාකච්ඡා පවත්වන බව මූල්‍ය අරමුදල කියාසිටියි.
ශ්‍රී ලංකාව බළධාරීන් ඉදිරිපත් කරන ප්‍රතිපත්තිමය කාරණා මත පදනම්ව මෙම සාකච්ඡා රඳා පවතිනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

