ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

මේ මස පළමු දින 8 තුළ ඩෙංගු රෝගීන් 2,416 කු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය, සුදත් සමරවීර මහතා සඳහන් කළේ ඩෙංගු රෝගය මේ දිනවල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

වැඩිම ව්‍යාප්තියක් පෙන්නුම් කරන්නේ බස්නාහිර පළාතෙන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ, රෝගය පැතිරීමේ අධිඅවදානම් දිස්ත්‍රික්ක 08 ක් හඳුනාගෙන ඇති බවයි.

කොළඹ, ගම්පහ ,කළුතර ,මහුනවර, ගාල්ල ,යාපනය ,කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක එලෙස අධිඅවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තිබේ.

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 82 ක් ඩෙංගු ව්‍යාප්ත වීමේ අධිඅවදානම් කලාප ලෙස නම් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ලබන 15 වැනිදා සිට 21 වැනිදා දක්වා බස්නාහිර පළාත තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි.