දසුන්ගේ විශිෂ්ට පිතිහරඹය ලංකාවට ජය ගෙනෙයි

ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවති අවසන් T20 තරගය කඩුළු ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුනා.
තරගය පැවැත්වුනේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.
තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
ඒ අනුව පළමවෙන් පන්දුවට පහරදුන් ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබාගත්තා.
ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කලේ ඒරෝන් ෆින්ච් සමඟින් ඩේවිඩ් වෝනර්යි. ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 176ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
මාකස් ස්ටොයිනිස් ලකුණු 38ක් සහ ස්ටීව් ස්මිත් නොදැවී ලකුණු 37ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත්තා.
ඒ අනුව අවසන් 20යි 20 තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 177ක්.
වසර දෙකකින් පල්ලේකැලේදී ජගත් පන්දුවාර 20 තරගයක් පැවැත්වෙද්දී, එම තරගය සියැසින් දැකබලා ගන්නට අද පස්වරුවේ සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට ක්‍රීඩා ලෝලීන් පැමිණියා.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය සඳහා එක් වෙනස් කමක් සිදු කරමින් ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට කැඳවා තිබුණා. ඒ නුවන් තුෂාර වෙනුවටයි.
ලකුණු 176ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසියේ ධනුෂ්ක ගුණතිලක සමඟින් පැතුම් නිස්සංකයි.
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 25ක් එක්වෙද්දී ධනුෂ්ක ගුණතිලකව ලකුණු 15කට දවා ගැනීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.
චරිත් අසලංක ලකුණු 26ක් සහ පැතුම් නිස්සංක ලකුණු 27ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 15යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
නායක දසුන් ශානක නොදැවී ලකුණු 54ක් ලබාගත්තා. ඒ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගින්. භානුක රාජපක්ෂ ලකුණු 17යි.
පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ජය කල් වෙලා ඇතිවම කැන්ගරුවන්ට හිමි වී තිබියදීත් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමට පිවිසුණේ කෙසේ හෝ මෙම තරගය ජය ගෙන තරගාවලිය තරග 2ට 1ක් ලෙස ගෞරවාන්විත අවසන් කර ගැනිමේ අරමුණ ඇතිවයි.
මෙම තරගය ඉලක්ක කර ගනිමින් පැවැති පුහුණු සැසියක් අතරතුර කසුන් රාජිත සහ මතීෂ පතිරණ ආබාධයන්ට ලක්වීම හේතුවෙන් අවසන් පන්දුවාර 20 තරගය අහිමි වුණා.
ඒ වෙනුවට එක්දින තරගාවලියට නම් කර සිටි ප්‍රමෝද් මධුෂාන් සහ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයට කැඳවනු ලැබුවා.
මේ අනුව තරග 3කින් සමන්විත T20 තරඟාවලියේ ජය දෙකට 1ක් ලෙසට ඔස්ට්‍රේලියාවට ජය හිමිවුණා.


