රසායනික කම්හලකට ප්‍රහාරයක්

රුසියානු හමුදා ප්‍රහාරවලින් ඊයේ (11) දින යුක්‍රේනයේ සෙවෙරොඩොනෙට්ස්ක් නගරයේ පිහිටි රසායනික කම්හලක් විනාශ වී ඇත.
එම ප්‍රහාරයෙන් රසායනික ද්‍රව්‍ය ටොන් ගණනක් කාන්දු වීමට ලක්ව ඇති බව කලාපයේ යුක්‍රේන ප්‍රධානියා සඳහන් කර තිබේ.
සෙවෙරොඩොනෙට්ස්ක් නගරයේ බොහෝ ප්‍රදේශවල පාලනය රුසියානු හමුදා අතට පත්ව තිබුණ ද තවදුරටත් යුක්‍රේන පාලනයේ පවතින ප්‍රදේශයක මෙම කම්හල පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම කම්හලේ භූගත ගොඩනැගිලිවල යුක්‍රේන සිවිල් වැසියන් 800ක් පමණ රැදී සිටින අතර දිගින් දිගටම රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වන බවට තොරතුරු වාර්තා වේ.

