නැති ගෑස් හමු වූ තැන

නැති ගෑස් හමු වූ තැන

අනුරාධපුර ගෑස් අලෙවි නියෝජිතයකුට අයත් වී ගබඩාවකින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 600ක් සොයා ගෙන තිබෙනවා.

මෙම ගෑස් නියෝජිතයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළා.

මේ අතර ඩොලර් මිලියන 2යි දශම 5ක් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් මෙරට මුහුදු සීමාවේ තිබෙන ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් අඩංගු නෞකාව හයවන දිනටත් ගෑස් ගොඩබෑමට නොහැකිව නැංගුරලා තිබෙනවා.

කෙසේවෙතත් පාරිභෝගික ජනතාව තවදුරටත් දිවා රෑ නොබලා පෝලිම් වල රැදී සිටින්නේ ගෑස් ලබා ගැනීමේ අපේක්ෂාවෙන්.