ශ්‍රී ලංකා – කැන්ගරු එක්දින තරගාවලිය අද සිට ඇරඹෙයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන පළමු තරඟය පස්වරු දෙකයි තිහට ආරම්භ වනු ඇති.
තරගාවලියේ දෙවන තරඟය අනිද්දා පැවැත්වෙන්නේද එම ක්රීඩාංගණයේදීයි. තරගාවලියේ අනෙකුත් තරග තුන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

