රජයේ සේවකයින්ගේ සිකුරාදා නිවාඩුවට කැබිනට් අනුමැතිය

රජයේ සේවකයින්ගේ සිකුරාදා නිවාඩුවට කැබිනට් අනුමැතිය

ඉදිරි මාස 3ක කාලයක් සඳහා රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කේසේ වෙතත් ජලය, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂක අංශ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා මීට ඇතුළත් නොවනු ඇති.

රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබාදීමේ යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරිණ.

රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය දා ප්‍රකාශ කළේ, පවතින ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

COMMENTS