හර්ෂ කිව්වේ බොරුද ? හිටපු මාලදිවයින් ජනපති ද ඇත්ත කිව්වේ ?

හර්ෂ කිව්වේ බොරුද ? හිටපු මාලදිවයින් ජනපති ද ඇත්ත කිව්වේ ?

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තමන්ගේ නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා.

ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රටවල් ගණනාවක් උදව් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවත්, එකී සහායන් ඉක්මණින් ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවත් තමා විශ්වාස කරන බව ද මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා ප්‍රකශ කරනවා.

නමුත්, පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, “මාලදිවයිනේ හිටපු ජනාධිපති හා තමන් අතර වූ සාකච්ඡාවක් අතරතුර දී, සෞදි අරාබියේ පාලකයා විසින් ශ්‍රී ලංකාවට නිසි සැලසුමක් නොමැති නිසාවෙන් උදව් කළ නොහැකි බවත්, විකිණීමට යමක් ඇත්නම් පමණක් තමා වෙත දන්වන ලෙසත්” මාලදිවයින් හිටපු ජනපතිවරයාට ප්‍රකාශ කොට තිබූ බව කියා සිටියා.

COMMENTS