ෂෙඩ් අසල පෝලීම් තවත් දිගු වෙයි – ඉන්දියාවෙන් ලැබෙන අවසන් ඩීසල් නැවත් හෙට දිවයිනට

ෂෙඩ් අසල පෝලීම් තවත් දිගු වෙයි – ඉන්දියාවෙන් ලැබෙන අවසන් ඩීසල් නැවත් හෙට දිවයිනට

මේ වනවිටත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලීම් දක්නට ලැ‌බේ.

ඇතැම් පිරවුම්හල් වසා දමා ඇත්තේ ඉන්ධන නොමැති බව පවසමිනි.

එහෙත් ඉන්ධන ලැබේවී යැයි අපේක්ෂාවෙන්, ප්‍රදේශ රැසක ජනතාව රැය පහන් කරන්නේ ඉන්ධන පිරවුම්හල් අසලයි.

ජනතාව පෝලීම්වල රැඳී සිටියත් පෙට්‍රල් නැවක් පැමිණෙන නිශ්චිත දිනයක් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

ඉන්දියානු ණය පහසුකම යටතේ මෙරටට ලැබෙන අවසන් ඩීසල් රැගත් නෞකාව හෙට (16) මෙරටට පැමිණීමට නියමිතයි.

ඒ අනුව දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම මේ වනවිට සීමාවකට යටත්ව සිදු කරමින් පවති.

මේ අතර පිරවුම්හල් ඇණවුම් කළ ඉන්ධන නියමිත පරිදි නිකුත් නොකිරීම හේතුවෙන්, අද සිට ටැංකි රථ සුළු සංඛ්‍යාවක් නියම කරන ලද කාල සටහනකට අනුව පමණක් ධාවනය කරන බව ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.

COMMENTS