සරසවි විරෝධයට එරෙහිව පොලීසිය කළ ඉල්ලීමට අධිකරණය බෑ කියයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද පස්වරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිදුකිරීමට නියමිත විරෝධතාවයට එරෙහිව නියෝගයක් ලබාදෙන ලෙස කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එහිදී පොලීසිය ඉල්ලා ඇත්තේ සරසවි සිසුන්ගේ විරෝධතාව කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළු වීම තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසයි.
එය ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ සඳහන් කර ඇත්තේ විරෝධතා සිදුකිරීමට විශ්වවිද්‍යාල සිසුන්ට හැකියාවක් ඇති නමුත් රාජ්‍ය ආයතන වලට බලහත්කාරයෙන් ඇතුළු වීම සහ පොදුදේපලවලට හානි කිරීම සම්බන්ධයෙන් පොලීසියට ඉදිරි ක්‍රියාමාර්ග ගත හැකි බවයි.

