සිංහ – කැන්ගරු දෙවන එක්දින සටන අද

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරඟය අද (16) පැවැත්වෙනවා.
ඒ, මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී යි.
පස්වරු 2.30ට තරඟය ආරම්භ වන අතර, දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අද තරගයට එක්වන්නේ නැහැ.
ඒ ඉකුත් තරගයේ දී ඇති වුණු ආබාධයක් හේතුවෙන්.
පළමු තරගය ශ්‍රි ලංකාව කඩුලු දෙකකින් පරාජයට පත් වුණේ, ඉතා ම තියුණු තරගයකින් අනතුරුව යි.

