ඉන්ධන පෝලිමක තවත් මරණයක්

ඉන්ධන පෝලිමක තවත් මරණයක්

පානදුර, වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලීමේ සිටි පුද්ගලයෙකු හදිසි රෝගාබාධයක් හේතුවෙන් මියගොස් තිබේ.

අදාළ පුද්ගලයා සිය පුත්‍රයා සමග ත්‍රිරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා පෝලීමේ රැඳී සිටියදී අද (16) අලුයම ඇති වු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහල් ගත කර ඇති අතර එහිදි ඔහු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි හිරණ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.