පොලිස් භාරයට ගන්නා කංසාවලට කරන්න යන වැඩේ

පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා කංසාවලින් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරනු ලබන ප්‍රමාණය හැර ඉතිරි ඒවා ඖෂධ සකස් කිරීමට ආයුර්වේද සංස්ථාවට භාරදීම සඳහා පවතින නීතිමය බාධාවන් ඉවත් කර ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා අවධානය යොමුව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
මෙහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ , පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා කංසා ආයුර්වේද සංස්ථාවට භාරදීමට පෙර භාරදුන් ප්‍රමාණය හා විනාශ කරන ලද ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි.
ආයුර්වේද සංස්ථාවට භාර දෙන ලද කංසා ආයුර්වේද සංස්ථාව දක්වා ප්‍රවාහනය කිරීම, එහි ආරක්ෂාව ඇතුළු වගකීම් පොලීසිය විසින් භාර ගත යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
එසේ අත්අඩංගුවට ගන්නා කංසා නිසි ක්‍රමවේදයක් යටතේ ඖෂධ සකස් කිරීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කඩිනමින් සිදු කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව සඳහන්.
ආයුර්වේද සංස්ථාව විසින් කංසා යොදා ගනිමින් ඖෂධ වර්ග පහක් නිෂ්පාදනය කරනු අතර ඒ සඳ හා වසරකට වියළි කංසා කිලෝග්රූම් 3000 ක් පමණ අවශ්‍ය බවත්, ආයුර්වේද සංස්ථාවට ලැබෙන කංසා ඖෂධ සකස් කිරීම සදහා ආයුර්වේද සංස්ථාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට ලබාදීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදු කරනු ලබන බවත් ආයුර්වේද සංස්ථාව නිලධාරීන් කියා තිබෙනවා.

