විශාලතම නගරයක් විදුලි පහන් නිවා දමන්න ජනතාවගෙන් ඉල්ලයි

විශාලතම නගරයක් විදුලි පහන් නිවා දමන්න ජනතාවගෙන් ඉල්ලයි

ඕස්ට්‍රේලියාවේ බලශක්ති අමාත්‍යවරයා විසින් බලශක්ති අර්බුදය හමුවේ විදුලි පහන් නිවා දමන ලෙස රටේ විශාලතම නගරය වන සිඩ්නි ඇතුළත් ප්‍රාන්තයක් වන නිව් සවුත් වේල්ස්හි ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

සෑම සවසක ම පැය දෙකක් විදුලිය භාවිතා නො කිරීම යහපත් ප්‍රතිචාරයක් වන බව ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කර සිටී.

කෙසේ වෙතත් එරට බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටින්නේ විදුලිය විසන්ධි වීම වළක්වා ගත හැකි බවට තමාට විශ්වාසයක් ඇති බවයි.

පසුගිය දිනවල මිල ඉහළ යාම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන තොග විදුලි වෙළෙඳපොළ අත්හිටුවීමට සිදුවූ අතර එ‍රට බලශක්ති අමාත්‍යවරයා නිව් සවුත් වේල්ස් හි වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් බලය ඉතිරි කර ගන්නා ලෙසයි.

https://bit.ly/3b8LIeP