මම ආවේ මාස දෙකෙන් යන්න නෙවෙයි – මහ බැංකු අධිපති

මම ආවේ මාස දෙකෙන් යන්න නෙවෙයි – මහ බැංකු අධිපති

මහ බැංකු අධිපති ධුරයෙහි වසර 06ක පූර්ණ කාලයම කටයුතු කිරීමට තමා සූදානම් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

තමා එම ධුරයෙහි වැඩ භාරගැනීමට එකගවූයේ මාස දෙකෙන් ඉවත්වීමට නොවේ යැයිද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

මේ අතර කර්මාන්ත සංවර්ධනයට බාධා වන නීතිරීති ලිහිල් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ (16) උපදෙස් දී තිබෙනවා.

ඔහු මෙසේ උපදෙස් දුන්නේ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ කොටුව ජනාධිපති පැවැත්වුණු අවස්ථාවේදීය

විදේශ විනිමය කඩිනමින් උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩප්‍රස්ථා පුළුල් කළ යුතු බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

කර්මාන්ත සඳහා අනුමැතිය ලබා ලබාදෙන සියලුම ආයතන එකම මේසයක සිට ගැටළු විසඳීමට පියවර නොගතහොත් ආයෝජකයන් දිනාගත නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.