තවත් කොවිඩ් තහනමක් ඉවතට

විදේශිකයන්ට කොරෝනා ප්‍රතිකාර සඳහා අනිවාර්ය කර තිබූ රක්ෂණාවරණය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා සහ සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඒ පිළිබඳව ලිඛිතව දැනුම්දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

