සනත්ගෙන් නාමල්ට ප්‍රහාරයක්

සනත්ගෙන් නාමල්ට ප්‍රහාරයක්

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය විසින් සිය ෆේස් බුක් ගිණුමේ තැබූ සටහනක් මේ වනවිට බොහෝ දෙනා අතර කතා බහට ලක්වෙමින් තිබෙනවා.

ඒ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහ ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන සංවිධාන නියෝජිතයන් අතර සාකච්ඡාවක් පෙරේදා (18) පැවැත්වුණා.

එම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද සම්බන්ධීකරණය කිරීමට සහභාගී වී තිබුණා.

සනත් ජයසූරිය මේ සම්බන්ධයෙන් වෙබ් අඩවියක පළවූ පුවතක් උපුටා දක්වමින් සටහනක් තබා තිබුණා මෙලෙසින්,

ක්‍රීඩකයන් නැවත නැවතත් අසාර්ථක වී කණ්ඩායමකින් ඉවත් වූ විට කණ්ඩායම් රැස්වීම්වලට පැමිණ නව නායකයා අපහසුතාවයට පත් කරනවා වෙනුවට වෙනත් ක්‍රීඩාවකට යොමු වීමේ විනීතභාවය ඔවුන්ට තිබිය යුතුය! යනුවෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා.