ජනපතිට බහුතරය අහිමිවෙයි

ජනපතිට බහුතරය අහිමිවෙයි

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ට එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවී තිබෙනවා.

පාර්ලිමේන්තුව තුළ බහුතරය ලබාගැනීමට එක් පක්ෂයක් ආසන 289ක් ලබාගත යුතු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එහෙත් ඊයේ අවසන් වූ ප්‍රංශ මහ මැතිවරණයේ දෙවන අදියරයේ දැනට නිකුත්ව ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජනපති මැක්‍රොන්ගේ ඔන්සොම්බල් පක්ෂයට ලබාගැනීමට හැකිවී ඇත්තේ ආසන 245ක් පමණයි.

ප්‍රතිවාදී නූප්ස් පක්ෂය ආසන 131 ක් ලබාගැනීමට සමත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

https://bit.ly/3HArCWM