අන්තරේ විරෝධතා පා ගමන කොටුව දෙසට

කොළඹ පුරහල සිට කොම්පඤ්ඤවීදිය දෙසට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.
අන්තර් විශ්ව ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ඇති බවයි.
විශ්ව විද්‍යාල සිසුන් මේ වන විට මේ වන විට කොම්පඤ්ඤවීදිය පසු කරමින් කොටුව දෙසට ගමන් කරමින් සිටියි.
සිසු වීර දිනය සහ ජනාධිපති සහ අගමැති වහා තනතුරුවලින් ඉවත්විය යුතු බවට බල කරමින් මෙම පා ගමන සංවිධානය කර ඇත.
මෙම විරෝධතා පා ගමනත් සමඟ කලාකරුවන් ඇතුළු විශාල ජනතාවක් එක්ව සිටිනවා.

