ගල් කොරිත් වැසී යාමේන් සේවකයින් මහපාරට

ගල් කොරිත් වැසී යාමේන් සේවකයින් මහපාරට

ඇමෝනියම් නයිට්‍රේට් ඇතුළු කළු ගල් පිපිරවීම සදහා යොදා ගන්නා ද්‍රව්‍ය ආනයනය නොකිරීම හේතුවෙන් මේ වන විට ගල් කොරි රැසක් වැසී ගොස් තිබෙනවා.

එම කර්මාන්තය ආශ්‍රිතව ජීවනෝපායේ යෙදී සිටි ලක්ෂ ගණනකගේ රැකියා අවදානමකට ලක්ව ඇති බවයි ජාතික කළුගල් නිෂ්පාදයින්ගේ සංගමයේ සභාපති සඳහන් කළේ.

ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ඇමෝනියම් නයිට්‍රේට් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය මෙරටට ආනයනය කරනු ලබන අතර ඔවුන් අවසන් වරට පුපුරණ ද්‍රව්‍ය ආනයනය කර ඇත්තේ මාර්තු මාසයේදී බවයි එම සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පවතින ඩොලර් අර්බුදය හමුවේ පුපුරන ද්‍රව්‍ය ආනයනය මේ වන විට ගැටලු‍වක් වී ඇති බවයි ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ.

COMMENTS