ජොනී කළ ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දමයි

පසුගිය මස 9 වනදා ගාලුමුවදොර ඇති වූ සිද්ධියට සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද ඉවත දැමුවා.
ඒ එම ඉල්ලීම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුවරුන් හමුවේ අද සලකා බැලුණු අවස්ථාවේදීයි.
පසුගිය මැයි මස 9 වනදා ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇතිවූ කලහකාරී සිද්ධින් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු දැනටමත් සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 10 වනදා වරෙන්තුවක් ද නිකුත් කළා.

