ශ්‍රේෂ්ඨාධිකරණය පෙස්සම ඉවත දමයි – ධම්මිකට පාර්ලිමේන්තුවේ දොර ඇරෙයි

ධම්මික පෙරේරා මන්ත්‍රී ධුරයකට පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම්, විභාගයට නො ගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
හිටපු මුදල් අමාත්‍යවරයකු වන් බැසිල් රාජපක්ෂගේ ඉවත් වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා යි ධම්මික පෙරේරා පත් වීමට නියමිත ව ඇත්තේ.
බොහෝ විට ධම්මික පෙරේරාට ආයෝජන ප්‍රවර්ධන ක්ෂේත්රයට අදාළ වගකීමක් ලැබෙනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

