නන්දලාල් ගැන ජනපති ගත් තීරණය

ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එම ධුරයේ දිගටම තබාගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්රකාශ කර තිබේ.
ඒ, ඊයේ (20) රාත්රී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදීයි.
නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධුරයේ දිගටම තියාගන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

