ඖෂධ හිඟයට හේතුව චන්න කියයි

රට තුළ පවතින ඖෂධ හිඟයට හේතුව පසුගිය කාලයේ අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා නොදීම බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.
ඔහු පාර්ලිමේන්තුවේ දී ඊයේ කියා සිටියේ, ඩොලර් ලබා දෙන බවට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අවස්ථා කිහිපයක දී පොරොන්දු වුව ද එම මුදල් ලබා නොදුන් බවයි.
මේ අතර ඖෂධීය කංසා අපනයනයට අදාළ නීති කෙටුම්පත් සඳහා මේ වනවිට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පාර්ලිමේන්තුවේ දී ඊයේ අනාවරණ කළා.
ඒ, ඖෂධ හිඟය ඇතුළු කරුණු සම්බන්ධයෙන් පැවති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින්.

