අද කොන්සියුලර් සේවා 400 කට පමණයි

අද කොන්සියුලර් සේවා 400 කට පමණයි

අද (24) විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සේවා සපයන්නේ, අයදුම්කරුවන් 400 කට පමණක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශ පරිශ්‍රයේ සිදු කෙරෙන නඩත්තු කටයුතු හේතුවෙනි.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, ඒ අනුව ඇති වන අපහසුතා සම්බන්ධයෙන් කොන්සියුලර් අංශය කනගාටුව පළ කරන බවයි.