තෙලුත් නෑ – ටෝකනුත් නෑ, ජනතාව පෝලිම්වල

තෙලුත් නෑ  – ටෝකනුත් නෑ, ජනතාව පෝලිම්වල

ඉන්ධන ලබා ගැනීම සඳහා ටෝකන් පත් ගැනීමට ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින බව වාර්තා වෙනවා.

තෙල් ලබාදීමට විශේෂ වූ කූපන්පතක් අද (27) සිට නිකුත් කරන බව ඊයේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීමත් සමඟ මෙලෙස ඒ වෙනුවෙන් පෝලිම් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් පෝලිම්වල රැඳී සිටින ජනතාව කියා සිටියේ ඉන්ධන ලබා ගැනීමට පමණක් නොව ටෝකන් පත් ලබා ගැනීම සඳහා ද දැන් තමන්ට පෝලිම්වල රැඳී සිටීමට සිදුවී ඇති බවයි.

ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වනවිට බොහෝ නගරවල පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති අතර, ඒ වෙනුවෙන් දුර සහ කෙටි ගමන් සඳහා ලංගම බස් රථ යොදා තිබෙන බවයි වාර්තා වෙන්නේ