මේ විදිහට ගියොත් රට ඉබේම ලොක්ඩවුන් වෙයි – ඛනිජ තෙල් සංස්ථාවෙන් අනතුරු ඇඟවීමක්

මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ව ඇත්තේ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් තුන් දහසක් පමණක් බව වාර්තා වෙනවා.
ඛනිජ තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, සීමාසහිත ව මෙම තොග නිකුත් කළ ද එය සෑහෙන්නේ ඉදිරි දින තුනකට පමණක් බවයි.
මේ හැරුණු විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ව මේ වන විට ඩීසල්, සුපර් ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සංචිත කිසිවක් නොමැති බවත් ඔවුන් පවසනවා.
මීට අමතර ව ලංකා අයි.ඕ.සී සමාගම සතුව ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක පමණ ප්‍රමාණයක් ඇති බවට වාර්තා ඇතැ යි ඔවුන් සඳහන් කළා.
එම ඩීසල් තොගයෙන් යම් ප්‍රමාණයක් ඉදිරි දින කිහිපය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ලබා දීමටත් ඔවුන් කැමැත්ත පළ කර ඇති බව ඛනිජ තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ වන විට රට තුළ සීමිත ව ඇති ඉන්ධන තොග අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කරන බවත් සාමාන්‍ය ජනතාවට ටෝකන් ක්‍රමය හරහා ඉන්ධන නිකුත් කිරීම ද ඉදිරියේ දී මේ තත්ත්වය යටතේ අපහසු වන බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.
පසුගිය සතිය පුරාම මෙරටට කිසිදු ඉන්ධන නෞකාවක් ළඟා වී නැති අතර නුදුරේදීම ඉන්ධන නෞකාවක් නොපැමිණියහොත් පොදු ප්‍රවාහනය පවා ඇනහිට රටම සම්පූර්ණ ක්‍රියාවිරහිත වනු ඇතැයි වාර්තා වේ.

