තවත් ආසියාතික රටක් විදුලි අර්බුදයක – විදුලි පහන් නිවා දමන්නත් ඉල්ලයි

තවත් ආසියාතික රටක් විදුලි අර්බුදයක – විදුලි පහන් නිවා දමන්නත් ඉල්ලයි

ජපාන රජය ටෝකියෝ සහ ඒ අවට ප්‍රදේශයේ ජනතාවගෙන් අඩුවෙන් විදුලිය භාවිතා කරන ලෙස ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

දැඩි උණුසුම සහිත කාලයකට මුහුණ දෙන බැවින් විදුලිය සැපයුම අඩාල විය හැකි බවට අනතුරු අඟවා ඇති බව සඳහන්

ජපානයේ ජුනි මාසයේදී වාර්තා වූ ඉහළම උෂ්ණත්වය පසු ගිය සති අන්තයේ වාර්තා වුණා

පැය තුනක් අනවශ්‍ය විදුලි පහන් නිවා දමන ලෙස රජය මිලියන 37ක ජනතාවගෙන් ඉල්ලා සිටි නමුත් උණුසුම් වේලාවන්හිදී වායු සමීකරණ භාවිතා කිරීමට හැකියාව පවතින බවත් සඳහන් වනවා

මේ අතර ටෝකියෝවේ පුද්ගලයින් 46 දෙනෙකු දැඩි උණුසුම හේතුවෙන් රෝහල් ගත කර ඇති බවත් කවාගෝ නගරයේ 94 හැවිරිදි පුද්ගලයෙකු දැඩි උෂ්ණත්වය හේතුවෙන් මිය ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

https://bit.ly/3ON2Yob